බොදු බල සේනාව මා මරා දමාවි… ජනාධිපතිතුමනි මා බේරාගන්න..!
මම විහාරාධිපති ලෙස වැඩවාසය කළේ මහියංගණය රොටලගල මහවැලි මහා විහාරයේ. ඒ වගේම මහියංගණය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසින් කටයුතු කරනවා. මම කාලයක් පුරාම ආගමික සහ ජාතික සමගිය පිළිබඳව අදහන හා කතා කරන කෙනෙක්. මම අන්තවාදය සහ ජාතිවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක්.
මහියංගණය ගොවි ජනතාව සමග මම වසර විස්සක පමණ ඉඳන් ලොකු සටනක් කළා, ඒ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන්. 2006 අවුරුද්ද තුළ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය තුළ වකුගඩු රෝගීන් හිටියේ 2900යි. ඒ ගණන 2012 දෙසැම්බර් මාසේ වෙනකොට 10800ක් දක්වා වැඩිවෙලා තියෙනවා. අද වෙද්දී ඒ ප්‍රදේශවල දිනකට අහිංසක මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මියයන තත්ත්වයට පත්වෙලා ඉවරයි. එතනින් එහාට වල් අලි තර්ජනය විශාල බලපෑමක් කරලා තිබෙනවා මහියංගණ ජනතාවට. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ රුපියල් තුන්කෝටි අනූපන් ලක්ෂයක මූල්‍යමය වටිනාකමක් දක්වා වූ ප්‍රමාණයක නිවාස කඩා බිඳලා තියෙනවා වල් අලි. ඒ ගෙවල් වායුසමනය කරපු, ටයිල් අල්ලපු ගෙවල් නෙවෙයි. ඉතා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ගෙවල්. ජීවිත ගණනාවක් අහිමිවෙලා තිබෙනවා. ඒ මිනිස්සුන්ගේ කුඹුරු කන්න තුනක්ම මේ වනවිට විනාශ වෙලා තියෙනවා. පසුගිය පෑවිල්ලටත්, ගංවතුරටත්. ජනාධිපතිතුමාට කෑ ගහලා එක කන්නෙක වී රජයෙන් කිරෙව්වා. ඉන් පස්සේ අද වෙනකම් ඒ අහිංසක මිනිස්සුන්ගේ වී ඇටයක්වත් රජයෙන් කිරුවේ නෑ. ඒ උදවිය කන්නේ තුන්වේලටම පරිප්පුයි, මඤ්ඤොක්කා කොළ මැල්ලූමයි පමණයි. දානය විදියට අපිට දිනපතා ලැබෙන්නෙත් ඒ මැල්ලූමයි බතුයි පමණයි.
කොයිතරම් දරිද්‍රතාවෙන් පෙළුණත් මහියංගණයේ හිටපු සිංහල, මුස්ලිම් ජනතාව ඉතා හොඳ සහයෝගයකින් හා සංහිඳියාවකින් ජීවත් වුණා. අවාසනාවකට බොදුබල සේනාව පසුගිය අගෝස්තු මාසේ අම්පාරට ආවා. ඒ ඇවිත් කරපු කතාවලින් එහේ ජනතාව අතර රජ කාලේ ඉඳන් තිබුණු සංහිඳියාව නැති වුණා.
භේද භින්න කළා
බොදුබල සේනා මහ සමුළුවට කලින් මහියංගණයේ ජනතාව සිංහල මුස්ලිම් භේදයකින් තොරව එකට ව්‍යාපාර කටයුතු සිදුකළා. එකට ගොවිතැන් බත් කළා. සිංහල මුස්ලිම් අය එකට වැලි ගොඩ දැම්මා. හැම කටයුත්තක්ම සිංහල මුස්ලිම් භේදයකින් තොරව සිදු කළා. බොදුබල සේනාව මහියංගණයට කළ ආක්රමණයත් සමග සිංහල මුස්ලිම් මිනිස්සු සහමුලින්ම භේද භින්න වුණා. මේ අය රැුස්වීමට ඇවිත් කිව්වේ ‘‘උන්ගේ කඩවලට යන්න එපා. උන්ගේ කඩෙන් තේ බොන්න එපා. උන්ගේ කඬේ විකුණන අටපිරිකර අරන් ආයිත් අපිට පූජා කරන්න එපා. එහෙම අහුවුණොත් පොළොවේ ගහනවා.’’ ආදී වූ වෛරී හා කෝපගන්වනසුලූ කතා. මුස්ලිම් ජනතාව ගැන වෛරය, ක්‍රෝධය ඇති කරවලා මුස්ලිම්වරු සිංහල ජාතිය නැති කරන්න ආව පිරිසක් බවට ප්‍රකාශ කරලා වෛරයක් ඇති කරවලා ගියා එදා.
ඊට දින පහකට පස්සේ මුස්ලිම් ජනතාවගේ රාමසාන් සීලය හා සම්බන්ධ උත්සවයක් පැවැත්වුණා බදුල්ලේ මුස්ලිම් කාන්තා විද්‍යාලයේදී. ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන්නට මට ආරාධනාවක් ලැබුණා. මම ඒ උත්සවයට බොහොම ආසාවෙන් ගියා. ඒ ගිහින් මම කතාවක් කළා. ඒ කතාවට මූලික වුණේ දින පහකට කලින් බොදුබල සේනාව මහියංගණයේදී ප්‍රකාශ කළ කරුණු කිහිපයක්. මොකද මම එදා බොදුබල සේනා කතාව මගේ කන් දෙකෙන්ම අහගෙන හිටියා. එදා ඒ කතා අහගෙන ඉද්දී මගේ හිතට ලොකු වේදනාවක් ඇතිවුණා. ඒ නිසාම ඊට දින 5කට පස්සේ පැවතුණු උත්සවයේදී මම ඒ වේදනාව පිට කළා. මහියංගණයට බොදුබල සේනාව එද්දී පෝස්ටරයක් ගහලා තිබුණා. ‘‘මුස්ලිම් කාන්තාවන්ගේ ගෝනි බිල්ලා ඇඳුම වහා ගලවනු’’ කියලා. අපිට කිසිම අයිතියක් නැහැ තවත් ජාතියකගේ ඇඳුම් ගලවන්න. මම එතනදි කිව්වා ඒ ළමයින්ට ඥානසාර හාමුදුරුවන් ඔය ඇඳුම ගලවන්න කියන නිසා ගලවලා ඥානසාර හාමුදුරුවන්ගෙන්ම ඊළඟට අඳින්න ඕනෑ ඇඳුමේ මෝස්තරයක් ඉල්ලා ගන්න කියලා. ඒකට අමතරව අම්පාරේදී බොදුබල සේනාව තර්ජනය කළා සියලූ හරක් මස් කඩ වහපිය කියලා. මම ඒ ගැනත් මතක් කරලා මේ උත්සවයේදී කිව්වා අපේ මේ සිංහල බෞද්ධයා තරම් මේ ලෝකේ මස් වර්ග කන ජාතියක් නැතුව ඇති කියලා. මොකද සිංහල අපි හරකත් කනවා. ඔයගොල්ලන් නොකන ඌරත් කනවා, එළුවත් කනවා. ගෝනා, මුවා, ඉබ්බා විතරක් නෙවෙයි තලගොයත් කනවා. ඒ කාලා හේනට එන මොනරා, ගිරවා පවා කනවා කියලා එතැනදී මම කිව්වා. ඇත්තටම අපේ මිනිස්සු නොකන්නේ කබරගොයාව විතරයි. මොකද ඒ සතා විස නිසා. ඒතරම් මස් කන අපි මුස්ලිම්වරුන්ට බනිනවා. මුස්ලිම්වරු තෝරාගත්ත ක්‍රමයකට, අනුමත වුණු මස් පමණක් අනුභව කරනවා. එහෙම පිරිසකට අපි ඇඟිල්ල දිගු කිරීම ඉතාම වැරදියි.
අපේ වගකීම
එතැනදී මම කියන්නේ නැහැ මස් කන එක හොඳයි කියලා හෝ සතුන් මරන එක හොඳයි කියලා. බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ජේතවනාරාමයේ පිටුපස චුන්ද සූකර මැරෙනකම්ම ඌරො මරලා මස් විකුණුවා. බුදුහාමුදුරුවෝ ගිනි තියන්න කිව්වේ නෑ. ඒවා ගැන රජතුමාට කිව්වෙත් නැහැ. ඒ මිනිහා ඒ මස් වෙළෙඳාම කළා. බුදුහාමුදුරුවන් මෛත්‍රී ධර්මය දේශනා කළා. අපේ වගකීමත් ඒකයි. නැතුව අපිට බෑ ත්රස්තවාදීන් වගේ ගිහිල්ලා මිනිස්සු අත්අඩංගුවට ගන්න, ගහන්න, ගිනි තියන්න.
ඔන්න ඔය කියන කාරණා කිහිපය මම එදා බදුල්ලේදී මුස්ලිම් ජනතාවට දේශනා කළා. ඒ දේශනය අන්තර්ජාලයට කවුරුහරි එක්කරලා තිබුණා. ඒක දැකලා මහියංගණය බොදුබල සේනා පිරිස් හා කොළඹ බොදුබල සේනා පිරිස් අගෝස්තු 11 වැනිදා මට පහරදෙන්න මම ඉන්න පන්සලට ආවා. ඒ පැමිණෙන්න කලින් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය හවස 6.30ට පමණ ඇවිත් මට කිව්වා මෙහෙම පහරදීමකට මගේ පන්සලට එන බව. ඒ නිසා වහාම පන්සලෙන් පිටවෙන්න කියලා ඔවුන් මට කිව්වා. මගේ ජංගම දුරකතනයත් අරන් මම ඇඳන් හිටපු සිවුර පිටින්ම පන්සල පිටුපස්සේ කැලෑවට පැන්නා. එදා ? 12 වෙනකම්ම මම වල් අලි ඉන්න කැලේ ගහක් උඩ හිටියා. මට තවදුරටත් ජීවිතය බේරාගෙන එතැන ඉන්න බැරි නිසා එදා බදුල්ලේ උත්සවය සංවිධානය කළ මහත්වරුන්ට මම කතා කරලා මේ පිළිබඳව කිව්වා. ඒ අනුව පාන්දර 4ට විතර දෙපැත්ත රෙදිවලින් වහපු ත්‍රිරෝද රථයකින් මම බදුල්ලට එන්න ආවා.
එදා ඉඳන් අද වෙනකොට දවස් 23ක් වෙනවා. ඒ දවස් 23ම මම ගත කළේ බොදුබල සේනාවේ මරණ තර්ජනයට බයෙන් විවිධ තැන්වල හැංගිලා. මා පසුපස බොදුබල සේනාව තර්ජන ගර්ජන කරමින් එළවනවා මාව මරන්න. පසුගිය 17 වැනිදා වනවිට මම දැඩි මානසික පීඩාවකිනුයි හිටියේ. මම ගෝල හාමුදුරුවරු පහළොස් නමක් සාසනයට දායාද කරලා තියෙනවා. ඒ පිරිස ගැන මට කනගාටුවක් ඇතිවුණා. ඒ වගේම මම පන්සලෙන් පිට වුණාට මගේ උපාධි සහතිකයවත් මට අරගෙන එන්න බැරිවුණා. ඒ නිසා මට බියක් ඇතිවුණා මේ බොදුබල සේනා පිරිස පන්සලට ගිනි තියාවිදෝ කියලා. මම 17 වැනිදා මගේ ගෝල හිමිවරුන් බැහැ දැකලා ඔවුන්ට මම ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කරන්න පන්සලට වැඩම කළා. ඒ සඳහා කොළඹ ඉන්න මගේ හිතවතෙක් වෑන් රථයක් මට සපයලා දුන්නා.
කුණුහරුපයෙන් බැන්නා
ගේ දායකයන් සමග මම 18 වැනිදා දවසම ගත කරලා 19 වැනිදා නැවත කොළඹ එන්න පිටත් වුණා. දහඅට වංගුව අසලදී වෑන් රථයේ රෝදයක හුළං ගියා. මම එවේලේ වාහනයෙන් බිමට බැස්සා. ඒ වෙලාවේ එතැනින් යමින් හිටපු දෙන්නෙක් මාත් සමග කතා කරලා යන්න ගියා. ඒ දෙන්නා නුවර ඉඳලා මහියංගණයට යන ගමන් තමයි මාත් එක්ක සුහදව කතා කරලා ගියේ. ඔවුන් මහියංගණය බොදුබල සේනාවේ සංවිධායකවරු දෙන්නෙක්. මම පේරාදෙණියත් පහුකරලා පොල්ගහමුල ප්‍රදේශයට එනවිටම මහනුවර බොදුබල සේනා සංවිධානයේ සංවිධායක හාමුදුරුවෝ පාර මැදට පැනලා කුණුහරුපයෙන් බැණගෙන වාහනේ දොරවල්වලට වීදුරුවලට අතින් පයින් ගහන්න ගත්තා. ඒ එක්කම තවත් 30ක් විතර මැරයන් ඇවිත් පොලූවලින් ගහන්න ගත්තා. වෑන් එක ඇතුළට ඇවිල්ලා මගේ බෙල්ලට වැරෙන් ගැහුවා. රියදුරාටත් ගහලා මුදල් පසුම්බි උදුරා ගත්තා. මොනවා වුණත් ඒ රියදුරා නිසා අද මම ජීවත් වෙනවා. ඔහු වාහන තදබද අස්සේ වාහනය ඉදිරියටම අරගෙන ගියා. ඊට පස්සේ පස්සෙන් ආව අය තැන් තුනකදී අපට පහර දුන්නා.
පොලිසිය ඇතුළෙත් බැන්නා
කෑගල්ල පොලිසිය ඇතුළට වාහනය ඇතුළු කරලායි එදා අපි ජීවිත බේරාගත්තේ. මහියංගණයේ ගුණවර්ධන කියලා කෙනෙක්ගේ කැබ් රථයකින් මැරයෝ අපේ පස්සෙන් ආවා. නුවර අයත් පස්සෙන් එලෙව්වා. කෑගල්ල පොලිසිය ඇතුළටත් ඇවිල්ලා මට කුණුහරුපෙන් බැන්නා පැය භාගයක් විතර. ඒ සියලූම දේ පොලිසියේ අයත් අහගෙන හිටියා. ඒ අය නිදහසේ මෙච්චර දෙයක් කරලා යන්න ගියා. ඊට පස්සේ පොලිස්පතිතුමාගේ නියෝගයක් අනුව පොලිස් රථයක ආරක්ෂාව ඇතිව මම පහරකෑමට ලක්වුණු වෑන් රියෙන්ම කොළඹ ඩර්ඩන්ස් රෝහල දක්වාම ආවා. රෝහලේ දින 3ක් හිටියා. දැන් බෙල්ලට සිංහල ප්‍රතිකාර කරමින් ඉන්නවා.
බොදුබල සේනාවේ අය මට පහරදුන්නේ ‘‘තෝව මරනවා’’ කියමින්. මගේ ජීවිතය ගැන මට බයක් තියෙනවා. මම මේ බොදුබල සේනාවේ වැඩපිළිවෙළ කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ගෙවුණ අවුරුද්ද තුළ බොදුබල සේනාව මේ රට තුළ ඇති කරලා තිබෙන භීෂණය සහ බුද්ධ ශාසනයට ඇති කරලා තිබෙන විනාශය වසර 30ක් යුද්ධ කළ කොටි සංවිධානය තුළින්වත් සිදුවුණේ නැහැ. වසර 30ක් කොටි ත්‍රස්තවාදය තිබෙද්දීවත් ස්වාමීන්වහන්සේලාට ත්රස්තවාදීන් කියන නම හංවඩු ගැහුණේ නැහැ. ඒ ගෙවුණ කාලේදී ස්වාමීන්වහන්සේලා බුදු දහමට අනුව කටයුතු කළා මිසක මේ අද වගේ ජඩ, මැර, වර්ගවාදී වැඩවලට සහභාගි වුණේ නැහැ. මේ ගෙවුණ වසර තුළදී බොදුබල සේනාව භික්ෂුව කියන කෙනාගේ ප්‍රතිරූපය විනාශ කළා. අද භික්ෂුව ත්රස්තවාදියකුගේ මට්ටමට ඇද වැටිලා තිබෙනවා බොදුබල සේනාව නිසා.
බුද්ධ ශාසනයට මෑත ඉතිහාසයේදී සිදුවුණු විශාලම ව්‍යසනය මේක. ඒ බව බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කටින්ම කියලා තියෙනවා.
සිවුරු ගලවලා
‘‘අපි මේ වෙනකොට හතළිහකගේ සිවුරු ගලවලා තියෙනවා’’ කියලා ඥානසාර ගාල්ලේදී පසුගිය 25 වැනිදා කිව්වා. එහෙම ගලවන්න එයාට කවුද බලයක් දුන්නේ? මේ රටේ මහා නායක හිමිවරු ඉන්නවා. සංඝ සභාවක් තියෙනවා. සංඝ අධිකරණ තියෙනවා. වැරදි කරන භික්ෂූන්ට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. එහෙම තියෙද්දී කවුද බොදුබල සේනාවට මේවාට අවසර දුන්නේ. එයා දැනට හතළිහකගේ සිවුරු ගලවලා නම් තව ඉදිරියට කී දෙනෙක්ගේ සිවුරු ගලවාවිද? මහා නායක හිමිවරු මේ සිවුරු ගලවපු 40 ගැන සොයා බලන්න ඕනෑ. බීලා හොරාට වාහන පැදලා ඒවා හප්පලා කරපු දේට ගලවනවා නම් පළමුවෙන්ම සිවුර ගලවන්න ඕනෑ ඥානසාර හාමුදුරුවන්ගේ. ඒක උසාවියෙන් ඔප්පු වෙච්ච චෝදනාවක්. ඥානසාර හාමුදුරුවෝ සමුළුවට ආවේ කැබිනට් ඇමතිවරයෙක් වගේ ඩිෆෙන්ඩර් රථ 2ක් එක්ක කෝටි 1 1/2ක් විතර වටිනා කාර් එකක. ඒ ආව කිරිපාට ඩිෆෙන්ඩර් රථවල ආවේ එයාගේ ආරක්ෂකයන්. ඒවා එක්ක හැමෝටම හිතුණේ මේක එක්ක රජයේ ආරක්ෂක අංශවල ලොකු සම්බන්ධතාවක් ඇති කියලා. ජනාධිපතිතුමාවයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයවයි මුස්ලිම් ජනතාව පිළිගත්තේ රන්සළු ඇඟට දාලා. එහෙම ආදරයක් ළෙන්ගතුකමින් සලකපු මුස්ලිම් ජනතාව අතරට බොදුබල සේනාව දැන් ගිහින් තියෙනවා මුස්ලිම් විරෝධී ගමනක. බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ හැමවිටම කිව්වා ‘‘උලමලා බකමූණෝ කරනවා’’ කියලා. ජමෙයිතුල් උලමාවරු කියන්නේ මුස්ලිම් මව්ලවිවරුන්ගේ බුද්ධිමතුන්ගේ සංවිධානයට. එවැනි පිරිසකටයි ඥානසාර හාමුදුරුවෝ බකමූණෝ කියලා කිව්වේ. වෙනත් ආගමිකයෙක් අපේ හාමුදුරු කෙනෙකුට ඔහොම කිව්වා නම් මේ වෙනකොට පෙළපාලි කීයක් යාවිද?
ගාල්ලේ වඳුරඹ සිරිවර්ධනගේ මතය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. එයා ඒක දේශනා කරගෙන යනවා. හැබැයි ගාල්ලේදී ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කිව්වේ. ‘‘අපි හෙට අනිද්දම වඳුරඹට එනවා සිරෝ, උඹ දැනගනින් සිරෝ.’’ මේවා මේ චොප්පෙලාගේ වචනනේ. මෙහෙම කතා කළාම භික්ෂුවකගේ සිවුරට මොකක්ද වෙන්නේ? හලාල් ප්රශ්නයේදී මව්ලාවිවරු එකක් සාකච්ඡුා කරපු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ට කොහොමද මේ අය කතා කළේ. කොයිතරම් අපහාසයක්ද එදා සිදු කළේ?
මගේ ඉදිරි ජීවිතයට යම්කිසි දෙයක් සිදුවුවහොත් ඒකට වගකියන්න ඕනෑ මේ සංවිධානය. මම ඒ බව පොලිස්පතිතුමාටත්, රජයේ කැබිනට් ඇමතිවරුන් ඇතුළු විවිධ සංවිධානවලටත් දන්වලා තියෙනවා මම මේ වනවිට. ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ සංවිධානවලින් මගේ ජීවිතය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා දෙන්න කියලා.

බොදු බල සේනාව වනාහි හික්මීමක් නැති, සංවරය අහලවක් නැති, බෞද්ද දර්සනය කණපිට ගසා හුදෙක් දේසපාලන වාසි තකා කටයුතු කරන සංවිධානයක් වේ. ඔවුන් බෞද්ධ සාසනය ආරක්ෂා කරනවා කියන්නේ එම සංවිධානය ආරක්ෂා කරගැනීමට කරන උපායක් පමණි. මෙය බෞද්ධ ජනතාව තේරුම් ගත යුතුය්
ReplyDeleteOya Suwaminwahansaytath! Apay Ratay Janadipathitah!
Allah dewiyangayma ASSIRWAADAYA HAA ARAKSAWA laybaywa.
awrudu 30 ka kalayak tissay uddayen bete kapu mema punchi dupatha,
wenaasaya karannda hadana bath kana janathawa thyrymgatha uthui nawatha mayma rata prapathayata thallukara no uthui keya.
seyabuddiyen Bududahamatai,Buddasasanayata Anukulawa,kriyawal kereemata ounta payhadewa keya prarthana karamin, oya Suwamin wahansegay meme rata wenuwen dee athi deerga paniwidayata garu karamin nise pilithurak athi garu Janadipathi thumage athin seduwewa, Allah Dewiyangay assirwadaya mema punchi dupathay jeewathwena saymadeyatama! assirwadaya menawa!
මේ හිමිනට වෙලාතියෙන්නේ ලංකාවේ ඉන්න බහුතර ජනතාවට ඇත්ත කතාකරපු එකට ලැබුණු පිරතිචාරය, අපි තරයේ හෙළාදකිනවා බොදුබල සේනාගේ මේ පහත් වැඩේට, බොදුබල සේනාව කියන්නේ සිංහල ත්‍රස්තවාදී සංවිධානය බව මෙයින් මනාව ඔප්පුවෙනවා, අපි මේ ගරුතර ස්වාමීන්වහසේගෙන් කාරුණිකව ඉල්ලාසිටින්නේ,ඔබවහන්සේට සාදාරණයක් පොලිසියෙන් ලැබුවේ නැතිනම් මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කරන්න කියා ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබීමට අල්ලාහ් දෙවියන්වහසේගෙන් මා ප්‍රාර්ථනා කරමි
ReplyDelete