ජාතික මුස්ලිම් උපදේශන සභාව (ෂූරා සම්මේලනය) සහ ආචාර්්‍ය යූසුෆ් අල් කාලාවි අතර කිසිදු සම්බන්ධයක් නැත
එමෙන්ම අරාබි-ඉස්ලාමීය කලා පීඨ, ළමුන් සඳහා වන පාඨශාලා, ශුද්ධ කුර්ආන් පාසැල් කිහිපයක්ද මෙහි ඇති අතර ඒ සියල්ලද නිසි පරිදි අදාල රාජ්‍ය අයතනවල ලියාපදිංචි වී ඇත.
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ තිබෙන්නාවූ උක්ත ඉස්ලාමීය ආගමික සහ සිවිල් සංවිධාන, අරාබි විද්‍යාල හෝ ස්වචේඡුා කි‍්‍රයාකාරීන් දේශයේ ස්වෛරී බවට හෝ එක්සත් බවට මෙන්ම ජනකොටස්වල සහජීවනයට හානි ඇති වන හෝ මෙම රටේ නීතියට පටහැනි හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසිදු කි්රයාකාරකමක යෙදී නොමැත. මෙය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද පැසසුමට ලක් කර තිබුනි.
එය වෙනුවට මෙම මුස්ලිම් සංවිධාන සියල්ලම කවදත් කටයුතු කර ඇත්තේ දේශයේ ස්වෛරීත්ය හා එක්සත් බව තහවුරු කරන එමෙන්ම ජනකොටස් අතර සමගිය සහ සහජීවනය උනන්දු කරන ආකාරයෙන්මය. රටට හා රටේ ආරක්ෂාවට අභ්‍යන්තරයෙන් මෙන්ම විදේශයෙන්ද තර්ජන ඇති වූ සෑම විටම මෙහි වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිය ජාතිහිතෛෂිබව පැහැදිලිවම රටට හා ලොවට ප්‍රදර්ශනය කරමින් බලයේ පවතින රජය සමග අත්වැල් බැඳ ගනිමින් මහා ජාතියද ඇතුලත් මේ රටේ වාසය කරන අන් කිසිදු ජනකොටසකට නොදෙවෙනි කැපවීමෙන් කි‍්‍රයා කර ඇත්තාහ.
මෙම රටේ ඇතැම් ජන කොටස් අතර අසමගිය ක්‍රමක්‍රමයෙන් බිහිසුණු ත්රස්තවාදයක් ලෙසින් පිපිරී යෑමෙන් පසුව වූ දශක තුනක කාලයක් කුරිරු යුධ ගැටුමක් මෙහි ඇවිලූනු විට උතුරේ පාරම්පරිකව වාසය කරම්න් සිටි මුස්ලිම් ජනයාව කොටි ත්රස්තවාදීන් එක රැයකින්ම පළවා හැරි සැටි සහ නැගෙනහිර මුස්ලිම්වරුන් පල්ලියේ වන්දනයේ නිරත වී සිටි විට කොටි ත්රස්තවාදීන් එහි කඩා වැදී ඔවුන්ගෙන් කිහිප දෙනෙකුවම අමු අමුවේ මරා දැමූ හැටිද කිසිවෙකුට අමතක වන්නට නොහැක. එයින් පසු මෙම පෙදෙස්වලින් මුස්ලිම්වරුන් සරණාගතයින් මෙන් ඇඳි වතින් පිට වී පැමිණි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් සරණාගත කඳවුරුවල දුක් විඳිති.
මෙවැනි ව්‍යසන සමයන් කිසිවකවත් මුස්ලිම් පල්ලි ප්‍රධානීන්, ආගමික පාඨශාලා ප්‍රධානීන්, දේශපාලන සිවිල් නායකත්වය හෝ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ත්රස්තවාදයට පිළිතුරු ලෙසින් ත්‍රස්තවාදයම භාවිතා කරන මෙන් නොකීවෝය. ඒ වෙනුවට මුස්ලිම් නායකයන් වගකීමෙන් යුතුව කටයුතු කරමින් සිය ජනකොටසට උපදෙස් කළේ දේශප්‍රෙමී ආකල්පයෙන් කි‍්‍රයා කරමින් ඉවසීමෙන් සිටින මෙන් හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන මෙන් සහ සාමකාමී ලෙසින් සාකච්ඡුා මාර්ගයෙන් විසඳුම් සොයමින් නීතියට අවනත වෙමින් රජයට සහය වන මෙන්ය.
මුස්ලිම් දේශපාලන නායකත්ව මෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රධානතම ආගමික මාර්ගෝපදේශකයන් වන සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමය (ජමුයතුල් උලමා) සහ මුස්ලිම් කවුන්සිලය ඇතුළු සියලූම ඉස්ලාමීය සංවිධාන සිය ජනකොටසට ලබා දුන් උක්ත මඟපෙන්වීම් මුස්ලිම් ජනයාද අකුරට පිළිපදිමින් සිය දේශපාලන හා ආගමික නායකත්වයට කීකරු වෙමින් ඉතා හික්මීමෙන් කටයුතු කර ඇත්තාහ.
මේ අතර මෙම රටේ වාසය කරන මුස්ලිම්වරුන්ට අර්බූදකාරී ගැටලූ මතුවන අවස්ථාවලදී සියලූම ඉස්ලාමීය සංවිධාන තමන් අතර ඇති ඇතැම් සුළු සුළු සංවිධානමය වෙනස්කම් පසෙකලා එකම ජනකොටසක් ලෙසින් එක්සත්ව කි‍්‍රයාකාරීමේ වැදගත්කම වටහා ගත් මුස්ලිම් ආගමික මෙන්ම දේශපාලන නායකයන් සියලූම මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් ඇතුලත් වන ‘ෂූරා’ නමින් මුස්ලිම් සම්මේලනයක් ස්ථාපිත කළ යුතුය යන අදහසින් එවැනි ඒකාබද්ධ ආයතනයක් නිර්මාණය කිරීමට කි‍්‍රයාකරමින් සිටිති.
එනමුදු මෙම යහපත් උත්සාහයටද ඇතැමුන් අකුල් හෙලන්නට වෑයම් කරන්නේ මෙම මුස්ලිම් එකමුතුව ගැන තමන්ට සැකයක් ඇත යැයි ප්‍රකාශ කරමිනි. මෙය අපව ඉමහත් සංවේගයට පත් කර ඇත.
ෂූරා යනු සාකච්ඡුා ‘කිරීම’ යනු අරුත ඇති අරාබි වචනයකි. මෙහි පවතින විවිධ මුස්ලිම් සංවිධානවලට ඔවුන්ටම හිමි අරමුණු, මෙහෙයන් හා න්යායපත්ර තිබිය හැකිය. එනමුත් ජාතික වැදගත්කමක් ඇති කරුණුවලදී සියලූම මුස්ලිම් සංවිධාන දේශයේ සාමය, ආරක්ෂාව, ස්වෛරීබව මෙන්ම අන් ජනකොටස් සමග සමගියෙන් සහ සහජීවනයෙන් වාසය කිරීම හා උද්ගත වී ඇති ගැටළුවට නැණවත් ලෙසින් සහ ඉවසීමෙන් විසඳුම් සෙවීම වැනි කරුණුවලට ප්රමූකත්වය දෙන එකම න්‍යාය පත්‍රයක් අනුව කි‍්‍රයා කිරීමට එක්සත් කර ගැනීම මෙම ෂූරා යාන්ත්රනයේ උත්තරීතර අරමුණ වෙයි.
කරුණු එසේ තිබියදී ඉස්ලාමීය ලොවේ ගෞරවාදරයට පාත්රව සිටින මුස්ලිම් ආගමික වියතෙකු වන කටාර් රාජ්‍යයේ ආචාර්්‍ය යූසුෆ් අල් කාලාවි විද්වතා ලංකාවේ ෂූරා සම්මේලනයේ මූලිකතම අනුග්‍රාහකයෙකු යැයිද ආචාර්්‍ය අල් කාලාවී අන්තවාදියෙකු යැයිද අල් කාලාවිගේ ලාංකික බළල් අත මා යැයිද බොදු බල සේනාව මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත.
මෙම ප්‍රකාශවලට කිසිදු පදනමක් නැති බැවින් හා මෙයට මාගේ නමද සම්බන්ධ කර ඇති හෙයින් ඒවාට අදාල පැහැදිලි කිරීම් ප්‍රකාශයට පත් කිරීම මගේ වගකීමක් යැයි මා සිතමි.
සියල්ලටම ප්‍රථමයෙන් ලෝ ප්‍රකට ආචාර්්‍ය යූසුෆ් කාලාවිගේ ශ්‍රී ලාංකික නියෝජිතයා වීමේ වරම මට ලැබී නැති බව මා ප්‍රකාශ කර සිටිමි. මා ලංකාව නියෝජනය කරන්නේ ජාත්‍යන්තර ඉස්ලාමීය විද්වතුන්ගේ සංසඳය වෙනුවෙනි. ආචාර්්‍ය කාලාවි එම සංසදය ස්තාපිත කළ ප්රාරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි වත්මන් සභාපතිද වෙයි.
දෙවනුව මෙම සංසදයෙන් මට හෝ ෂූරා ඇතුලූ ලංකාවේ ඇති කිසිදු ඉස්ලාමීය සංවිධානයකට කිසිදු ආකාරයේ අනුග්‍රහයක් ලැබෙන්නේ නැත. එපමණක් නොව යෝජිත ෂූරා සභාවට ලොව ඇති කිසිදු ප්‍රමූඛ මුස්ලිම් විද්වත් ධනවත් තනි පුද්ලයෙකු සමග හෝ ජගත් ඉස්ලාමීය සංවිධානයක් සමග කිසිදු සම්බන්ධයක් නොමැත. යෝජිත ෂූරා සභාව විෂයයෙහිද දැනට මා එය ස්ථාපනය කිරීමට දායක වන අන්තර්කාලීන සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙකු පමණක් බව මෙන්ම ෂූරා සභාවේ නිත්‍ය සාමාජිකයෙක් වීමේ අදහස මට නැති බවද පැහැදිලිවම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
ඉස්රායේලය වැනි රටවල් විසින් මුස්ලිම් ලෝකය වෙනුවෙන් කැපවීමෙන් කි‍්‍රයා කරමින් සිටින ආචාර්ය යූසුෆ් කාලාවිව අන්තවාදියෙක් යැයි හඳුන්වනු ලැබුවද ආචාර්්යවරයා ලොව පෙරදිග පටන් අපරදිග දක්වා ජගත් බුහුමනට පාත්‍ර වී සිටින අග්‍ර ගණයේ පඬිවරයෙකි. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය වැනි බලාධිකාරිය ඇති ආයතනවලට අවශ්‍ය නම් අදාල මුස්ලිම් හා අරාබි රටවල සමාන අමාත්‍යාංශ සහ ආයතන සමග සම්බන්ධ වී මෙම කරුණු තහවුරු කර ගත හැකිය.
පසුගිය වසරෙහි මෙන්ම මෙම වසරෙහිද ආචාර්්‍ය කාලාවිව මා දෙවරක් හමු වූයෙමි. පළමු අවස්ථාවේ මා ඔහුව හමු වූයේ ලංකාවේ මුස්ලිම් අමාත්‍යවරයෙකු සමග මෙරටින් සංචාරය කළ ආගමික විද්වතෙකු ලෙසින්නි. දෙවැනි වරට මුස්ලිම් කවුන්සිලයේ සාමාජිකයන් සමග කටාර් රාජ්‍යයට ගොස් සිටි විට ආචාර්්යවරයා හමු වූයෙමි. ආගම්, ජාති, භාෂා විවිධත්ව ඇති ජනසමාජවල සුහද අන්තර්කරණය, ඉවසීම මෙන්ම සහජීවනයේ අගයන් ලොව අවාධාරණය කරමින් සිටින විශිෂ්ඨ උගතෙකු මෙන්ම විවිධත්වයන් අතර සාමනතාවයන් හඳුනා එමගින් සාමුහිකත්වය උනන්දු කරන ජගත් කි‍්‍රයාකාරියෙකු වන අචාර්්ය කාලාවි හමු වීම අප රටේ වත්මන් තත්ත්වය අනුව මට ඇත්තෙන්ම ඉතා ප්‍රයෝජනවත් විය.
අප හමු වී විට අචාර්්යවරයා වෙසෙසින් කියා සිටියේ ලාංකික මුස්ලිම්වරුන් තමන්ගේ අනන්‍යතාවයන් රකිනා අතරම ලංකාවේ බෞද්ධ ජන කොටස සමග සුහදව හා ජාතික සමගියට මුල් තැන දෙමින් උරෙනුර ගැටී කි‍්‍රයා කළ යුතුය බවයි. ඉවසීම සහ අනේයාන්‍ය ගරුත්වය වනාහී බහුවිධ සංස්කෘති ඇති රටවලට අත්‍යවශ්‍යම ආකල්ප බැවින් මෙතෙක් කල් ලාංකික මුස්ලිම්වරුන් කිසිදු අර්බූදයකදී ප්රචණ්ඩත්වයේ පිහිට නොසොයා ඉවසීමෙන් කටයුතු කළ ආකාරයටම ඉදිරියටත් කටයුතු කළ යුතු බවත් එම ජගත් වියතා අවධාරණය කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව යනු ලොවේ ඇති මුස්ලිම් හා අරාබි රටවල සමීපතර මිතුරෙකු යැයිද ඔහු සතුටින් සිහිපත් කළේය.
එමෙන්ම පසුගිය වකවානුවේ හලාල් සහතිකය පිළිබඳ වූ අර්බූද සමයෙහි ප්‍රශංසනීය ඉවසීමෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාව කටයුතු කළ ආකාරයද ආචාර්්‍ය කාලාවි පැසුසමට ලක් කළේය.
පටු ජාතිවාදි කෝණයෙන් කරුණුවලට යොමු නොවී බහුතර ජනකොටසට හිමි සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ වර්ග 3500 කටත් අධික සංඛ්‍යාවක් මුස්ලිම් අරාබි රටවලට අපනයනය කිරීමට අවශ්‍ය හලාල් සහතිකය නිකුත් කිරීමට ලාංකික මුස්ලිම්වරුන් නොමසුරුව ඉදිරිපත් වීම පවා මහා පරිමාණයේ කුමන්ත්‍රණයක් යැයි අවිචාරවත් ලෙසින් ඇතැම් දුෂ්ටයන් චෝදනා කළ සැටිද මෙවිට සිහිපත් කරන ලදී. එයින් පසුව එම ලාංකික සමාගම්වලටද එමෙන්ම සිය මාතෘ භූමියටද විශාල ප්‍රමාණයක් විදේශ මුදල් උපයා ගැනීමට ඉවහල් වන හලාල් සහතිකය නොමිලේම ලබා දීමට ජමියතුල් උලමා ප්‍රමූඛ ලාංකික මුස්ලිම්වරුන් ඉදිරිපත් වීම මුලූ ලොවටම ආදර්ශයකි යැයිද ඔහු අභිමානවත් විය.
මුස්ලිම් ලෝකයාගේ පරම සතුරන් පළඳිනා ද්වේෂයේ කළු කණ්ණාඩි තමනුත් පළඳිමින් එය තුලින් මුස්ලිම් රටවල් සහ සංවිධාන පමණක් නොව ලොව පිළිගත් වියතුන්ද බලන්නට සිතන ඇතැම් අනුවණයන් අප රටට ඇති වන සියලූම අර්බූද සමයන්හි අප සමග සිටින මුස්ලිම් අරාබි ලෝකය සමග ඇති මිතුදම පළුදු කරන්නටම එමගින් මාන බලති.
ආර්ථික හා අන් බොහෝ කොණ්වලින් මෙනිසා රටට සිදු වනු ඇත්තේ දැවැන්ත පාඩුවකි. එහෙයින් අපගේ විදේශ අමාත්‍යාංශය සහ අදාල අංශ විමසිලිමත් විය යුත්තේ එවැනි දුෂ්කර තත්ත්වයකට අප රට පත් කරන්නට ප්රයත්න දරමින් සිටින්නන්ව අදිරිමත් කර නිෂ්ක්‍රීය කිරීමටය.
දේශපාලනයේ මෙන්ම විදේශ රාජ තාන්ත්‍රික සේවාවෙහි විසිපස් වසරක් පමණ යෙදී සිටි අත්දැකීම් බහුල පුද්ගලයෙකු ලෙසින් සහ ජනකොටස් අතර එදිරිවාදුකම් උච්ච තත්ත්වයක තිබුනු සමයෙහි අභාවයට ගිය නායක අෂ්රෝෆ් මැතිඳුන් සමග එක්ව කි‍්‍රයා කරමින් මුස්ලිම් තරුණයන් ප්රචණ්ඩත්වයේ පිහිට සොයමින් නොමග යන්නට නොදී වළකමින් සිටි කෙනෙකු ලෙසින් මෙන්ම සෑම විටම මුස්ලිම් නායකයන්ට අවනත වෙමින් ප්‍රජාතාන්ත්‍රික මගපෙන්වීම් අනුව කි‍්‍රයා කළ පුද්ගලයෙකු ලෙසින් මට අවධාරණයෙන් කියන්නට ඇත්තේ එපමණයි.
එමෙන්ම සියවස් කාලක් පුරා මෙම රටේ සදාකාලික සාමයක් හා සමගියක් සඳහා දේශපාලන විසඳුමක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමග එක්ව ප‍්‍රජාතාන්ති‍්‍රක මතවාදයේ පිහිටමින් කැපවීමෙන් කි‍්‍රයා කළ මා වැන්නෙකුට අන්තවාදී ලේබලයක් ඇලවීමට කි්රයාකරන්නන්ට මා ආරාධනා කරන්නේ ගතවු කාලය පුරා මවිසින් ලියන ලද අනේක ලිපි, කෘතීන් සහ සිදු කරන ලද කථා නැවතත් කියවා බලන මෙනි.
එමෙන්ම අප වැනි මුස්ලිම් උගතුන් සහ දේශපාලනයේ අත්දැකීම් ඇත්තන්ට අන්තවාදී ප්‍රතිරූපය ආදේශ කිරීමට වෑයම් කිරීමෙන් මෙම රටට කිසිදු යහපතක් වන්නේ නැත යැයිද පෙන්වා දෙනු කැමැත්තෙමි. මෙරටේ සාමකාමීව වාසය කරන සිංහළ හා මුස්ලිම් ජනයාව භේද කරවා එයින් රටට විශාල විපත් හා අලාභ ඇති කරමින් පුද්ගලික වාසි ලබන්නට වෑයම් කරන්නේ සිරිලක ගල් යුගයට ආපස්සට තල්ලූ කිරීමට කවදත් මාන බලන විදේශ දුෂ්ට බලවේග සහ ඔවුන්ට නිර්ලජජී ලෙසින් කත් අදින දේශ ද්‍රෝහීන් යැයි නිසැකයෙන්ම කිව හැක. රටට ජාතියට ආදරය ඇති කිසිවෙක් මෙවැනි නිහීන කි‍්‍රයාවලට දායක වන්නේ නැත.
ජිනීවාවල මානව හිමිකම් සැසි වාරයෙහි යුධ අපාරාධ චෝදනා ඉදිරිපත් කරමින් අප රටට හා අපගේ ජනාධිපතිවරයාට වින කටින්නට ප්‍රමූඛ වූ ඇමරිකාව, ඉස්රායේලය සහ නෝරවේ සමග දැන් අප රටේ ඇතැම් දුෂ්ටයන් එක්වී සිටිති. එසේ එක් වෙමින් ඔවුන් බිඳ දමන්නට උත්සාහ කරන්නේ එම ජිනීවාවලදීම අපට සහයව ඡුන්දය ප්‍රකාශ කරමින් ලෝක අවමානයකින් අපගේ මවිබිම ගලවා ගත් මුස්ලිම් හා අරාබි රටවල් සමග අපට ඇති සමීප සබඳතාවය සහ එම සහයෝගය එම රටවලින් ලබා දීමට වෙහෙස වූ ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ හොඳ හිතයි. මෙයින්ම මෙම නපුරන් කි‍්‍රයා කරන්නේ කුමන යටි අරමුණකින්ද සහ කාගේ න්‍යාය පත්‍රය අනුවද යන කාරනාව අත්ලේ ලපයක් මෙන් පැහැදිලිවම කාටත් දැක බලා ගත හැකිය.
Post a Comment