මුස්ලිම් දේශපාලනය අහිංසකද..?
இருதின சிங்கள பத்திரிக்கை 'முஸ்லிம் அரசியல் அப்பாவித்தனமானதா'? என்ற தலைப்பில் வெளியிட்ட ஆக்கத்திற்குறிய மறுப்பு கட்டுரை ஏற்கனவே ஜப்னா முஸ்லிம் இணையத்தில் வெளியாகியிருந்தது. http://www.jaffnamuslim.com/2013/02/blog-post_6797.html அதன் சிங்கள மொழியாக்கமே இது. இந்த ஆக்கம் இருதின பத்திரிக்கைக்கும் மற்றுமுள்ள சிங்கள பத்திரிக்கைகளுக்கும் அனுப்பி வைக்கப்பட்டுள்ளது.
පසුගිය ඉරිදා ඉරුදින පුවත්පතේ මතුගම සෙනවිරුවන නම් පුද්ගලයකු විසින් ලියන ලද ලිපියක ඉස්ලාම් ආගම ප්රතික්ෂේප කරන්නාවුන් සියල්ල ඝාතනය කල යුතු බව කියමින් ඉසලාම් ධර්මය පහත්කොට සලකා ලිපියක් ලියා තිබිණ. ඉස්ලාමය පිළිකුල් කරන අන්දමින් ලියා තිබුණු මෙම ලේඛනය ඉස්ලාමය සහ කුර්ආනය පිළිබඳ කිසිම මූලික දැනුමක් නොමැතිව ද කරුණු එකිනෙකට පටහැනිව ලියා තිබිණ. මෙමගින් පෙනීයන්නේ සම්පූර්ණයෙන් ඉස්ලාමය පිළිබඳව තිබෙන ක්රෝධය ඉස්මතු වීමයි.
තව විශේෂිත දෙයක් නම් මොහු පෙන්වාදී තිබෙන කුර්ආන් වැකි සහ මොහු මොහු ඉදිරිපත් කරන තර්ක මොහුගේ අදහස් නොවීමයි. මේ තර්කවලට බොහෝ කලකට පෙර පිළිතුරුදී අවසන්ය. එසේ තිබිය දී මතුගම සෙනවිරුවන් නැවතත් ඒවා අවුස්සන්නට හේතුව වෙනත් අයගේ කෘති වලින් සොරකම් කර තමන්ගේ නමින් ප්රකාශ කිරීමට තරම් ඒ ප්රකාශ සත්ය එවාද? කුර්ආනයේ පෙර හා පසු වැකි කුමක් පවසන්නේ ද? වෙනි දේවල් බැලීමට මොවුන් උනන්දුවක් නොදක්වයි.
ඉරුදින පුවත්පතේ මතුගම සෙනවිරුවන විසින් උපුටා දක්වන තර්ක වලට ඔහු දක්වන කුර්ආන් වැකියට පෙර පසු වැකි සලකා සලකා බලන විට මොහු දක්වන තර්ක අමූලික බොරු බව පැහැදිලිව වේ.
කුර්ආනයේ සඳහන් වැකි දෙකක් උපුටා දක්වමින් ඉස්ලාමය ප්රතික්ෂෙප කරන අය ඝාතනය කරන මෙන් කුර්ආනයේ සඳහන් වන බව මෙම ලේඛනය සනිටුහන් කරයි.
ඇත්ත වශයෙන්ම ඉස්ලාමය ප්රතික්ෂෙප කරන අය ඝාතනය කරන මෙන් කිසිම තැනක සඳහන් වී නැත. එසේ ඉස්ලාමය කොතනක හරි සඳහන් කරනවා නම් ඉස්ලාමීය අදහස් බලෙන් කාවද්දන මෙන් වන්නේ ය. ඉස්ලාම් කවදාවත් බලෙන් අදහස් කා වැද්දීමට උත්සහ දරන්නේ නැත. කැමති කෙනෙකුට ඉස්ලාමය පිළිපැදිය හැකිය. අක මැතිනම් ඉවත් වීමට ද පුළුවන. කවුරුන්වත් බලෙන් මෙම ආගමට ගෙනීම නොකල යුතුයි. එසේ කිරීම තහනම් වේ.
මෙම ධර්මයේ කිසිම බල කිරීමක් නැත පරිශුද්ධ වූ අල් කුර්ආන් (2:256)
පෙර සඳහන් කුර්ආන් වැකිය මගින් ඉස්ලාමය වැළඳගැනීමට බල කිරීමක් ඉස්ලාමයේ නැති බව පැහැදිලිවව පෙනේ. මෙසේ කුර්ආනයේ සඳහන් වී තිබිය දී ඉස්ලාමය ප්රතික්ෂේප කරන්නාවුන්ව ඝාතනය කරන මෙන් කියන බව කීම අමූලික බොරුවකි.
මෙතෙන් සිට මොහු දක්වා තිබෙන කුර්ආන් වැකි පිළිබඳව විමසා බලමු.
ඉස්ලාමය ප්රතික්ෂේප කරන අය ඝාතනය කල යුතුයි යන මොහු ගේ අන්ත තර්කයට මොහු කුර්ආනයේ සඳහන් අට වැනි පරිඡිචේදයේ 12 වැකියද 09 වැනි පරිචිඡේදයේ 05 වැනි වැකියද ගෙනහැර දක්වා ඇත. මොහුව හැර වෙනත් අය විසින් 2 වන පරිචිඡේදයේ 191 වැනි පරිචිඡේදයේ සඳහන් වැකියද දක්වයි. මේවා සියල්ල කුමක් සනාථ කරන්නේ ද යන්න පැහැදිලිවව බලමු.
08:05 වැකියත් 09:05 වැකියත් 02:121 වැකි මගින් එකම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ව දුටු සැනින් ඝාතනය කල යුතුයැයි කියවැන බව මොවුන්ගේ අදහසයි. මෙවුන් තබන එක් එක් වැකිට පිළිතුරු පැහැදිලිවව බලමු.
මා නුඹලා සමඟ සිටින්නෙමි. විශ්වාස කල අය දිරිගන්වන්න! (මා) ප්රතික්ෂෙප කරන්නන්ගේ සිත් කුල බිය ඇති කරවන්නෙමි. එහෙයින් ගෙලට ඉහළින් කපනූ! ඔවුන්ගේ එක් එක් සම්බන්ධතාවන් කපන්න! ලෙස(මුහම්මද්!)ඔබගේ දෙවියන් මලක්වරු පැවසූ දැය සිහිගන්වන්න! පරිශුද්ධ වූ අල් කුර්ආන් (08:12)
මොහු විසින් මුලින්ම දක්වා ඇති තර්කය වන මෙම කුර්ආන් වැකිය ඉස්ලාමීය ඉතිහාසය 1වන සටන වන බද්ර් සටනේ දී පහළ වූවකි. බද්ර් සටනේ දී මෙය පහළ වූ බව මොහු නොදන්නවා විය හැකි යැයි තර්කයකට ගත්තද මෙම වැකියට පෙර පසු වැකි බැලීමෙන් මෙය සටනක් සම්බන්ධයෙන් බව පැහැදිලි වේ.
එපමණක් නොවஇ මොහු දක්වන 12 වන වැකිය සඳහන් 08 වන පරිචිඡේදයේ නම අන්ෆාල් නම් වේ. එහි අර්ථය සටනක දී සතුරාගෙන් අත්පත් කරගන්නා වස්තූන් වේ. පරිචිඡේදයේ නම සටනක් සම්බන්ධයෙන් තිබිය දී කතුවරයා තරමක් සිතුවහොත් මෙම වැකි සටනක් සම්බන්ධයෙන් කියන බව හඳුනා ගන්නට හැකිය. එසේ වුව ද මොහු මෙම පරිඡ්චෙදයේ නමද බලා නොමැත යන්නෙන් පෙනී යන්නේ මොහු අනුකරනය කිරීමේ උනන්දුවෙන් සිටින කෙනෙක් බවය.
08 වන පරිචිඡේදය මුල සිට ම සටන් කිරීම පිළිබඳව ම පවසයි. සත්ය මෙසේ පැහැදිලිව තිබෙන විට පෙර පසු වැකි නොබලා අනුකරනය කර ලියූ බැවින් අන් අයව වැරදිච සිතා ගනියි යැයි සිතා මෙය හෙලි දැක්වීම මගින මතුගම සෙනවිරුවනගේ මෝඩ කම පැහැදිලිවවන්නේය.
දෙවනුව 9වන පරිඡ්චෙදයේ 5වන වැකිය මොහු ගෙනහැර දක්වා ඇත.
මෙතෙන්සිට 9:වැකියේ අර්ථ විවරණය බලමු.
එම නිසා පරිශුද්ධ මාසයන් පසු වූ කල ප්රතික්ෂේප කරන්නාවුන් දුටු තැන ඝාතනය කරන්න! ඔවුන් කොටුකර ගන්න! සෑම සැඟවුම් ස්ථානයකම රැඳී සිටින්න ඔවුන් නිර්භීත වී සලාතය ඉටු කර සකාතය දුන්නේ නම් ඔවුන් ඔව අත් හැර දමන්න අල්ලාහ් ක්ෂමාව දෙන්නා ය අසමසම කරුනාවන්තයාය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (9:5)
ඉහත කුර්ආන් වැකි බලන විට මෙය සටනක් පිළිබඳව පවසන බව වැටහෙණු ඇත. සටන් බිමකට ගොසින් අත්වැල් බැඳගෙන කවුරුත් සිටින්නේ නැත. එසේ සිටියේ නම් ඔවුන් හමුදාවක සිටීමට නොසුදුස්සන් ය. සටන් බිමක දී සතුරන් දුටු තැන ඝාතනය කරන මෙන් පැවසීම වරදක් නොවේ. ශ්රී ලංකා හමුදාව එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව සටන් කළේය. එම අවස්ථාවේ හමුදාපති සතුරන්ව දුටු සැනින් වෙඩි තබන මෙන් මිස වෙන කෙසේ කියන්නට ඇත් ද?
සටන් බිමක දී දුටු තැන ඝාතනය කරන මෙන් හමුදාපති කිවහොත් එම කියමන අරගෙන දුටු තැන ඝාතනය කරන ලෙස හමුදාපති කෙසේ කිව හැකිද? යැයි යම් කෙනෙක් ප්රශන කළොත් එය කෙසේ වරදක් වන්නෙද එසේම මෙම වැකි තබාගෙන ඉස්ලාම් ප්රතික්ෂේප කරන අය ඝාතනය කරන්නට කියන මෙන් පැවසිම සම්පූර්ණයෙන්ම වැරදි මතයකි.
තවද මෙහු පෙන්වා දී තිබෙන වැකියට මුල් වැකි බැලූ කල පැහැදිලිවම සටන් බිමක් පිළිබඳ මේවා කියන බව කිසිම සැකයකින් තොරව පෙනීයයි.
මෙන්න මොහු පෙන්වපු වයඛ්යයත් ඊට පසුව එන වැකිටිකත්
එමනිසා ශුරුද්ධ මාසයන් පසුවූ කල ප්රතික්ෂෙපකරන්නාවුන්ව දුටු තැන ඝාතනය කරන්න! ඔවුන් ව කොටුකර ගනු! සෑම සැඟවීසිටින ස්ථානයකම රැඳී සිටිනු! ඔවුන් නිර්බීත වී සලාතය ඉටුකර සකාතය ද දුන්නේ නම් ඔවුනව ඔවුන්ගේ පාඩුවේ අතහරින්න අල්ලාහ් සමා දෙන්නාය කරුනාන්විතය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (09:05)
ප්රතික්ෂේප කරන්නන්ගෙන් කවුරුන්හෝ ඔබ ලඟ ආරක්ෂාව පැතුවේනම් අල්ලාහ්ගේ වැකි ඔවුන්ට ඇසීමට අවස්ථාව ලබදෙන්න. පසුව ඔහුට ආරක්ෂාකාරි ස්ථානයක් ලබා දෙන්න. මෙවුන් නොදැනුවත්කමින් මෙසේ කරන්නෝය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (09:06)
එම ප්රතික්ෂෙප කරන්නන් හා අල්ලාහ් ගේ දූතයා අතර කෙසේ ගිවිසුමක් තිබෙන්නට පුළුවන්ද? මස්ජිදුල් හරාම් හි ගිවිස ගත් ඔබ හැර. ඔවුන් නුඹලා සමඟ අවනතව කටයුතු කරන තුරු ඔබද අවනතව කටයුතු කරන්න! අල්ලාහ් (තමාට) බිය බැති මත් අය ප්රිය කරන්නේය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (09:07)
පෙර සඳහන් වැකි බැලූ කල මේවා සටන් බිමක් පිළිබඳව ප්රකාශ කරන බව පැහැදිලිව පෙනී යයි. එපමණක් නොව 09:06 වැකියට ප්රතික්ෂේප කරන්නන් ආරක්ෂාව පැතුවේනම් ඔවුන්ට ආරක්ෂාව ලබාදෙන මෙන් පවසන්නේය. මෙසේ පැහැදිලි වැකි ඉදිරියෙන් තිබියදි එක් වැකියක් පමණක් උපුටා දක්වමින් ලියා තිබීම මොහුට ඉස්ලාම් සහ මුස්ලිම් වරුන් සම්බධයෙන් තිබෙන ක්රෝධය පිලිඹිඹු කරන්නේය.
එසේම මතුගම සෙනවිරුවන් මෙන් සමහර අය අල්-කුර්ආනයේ 2වන පරිචිඡේදයේ 191 වන වැකිය ගෙනහැර දක්වන්න ඇත. මෙම වැකියයෙන් කියන දෙයත් අපි විමසා බලමු.
(සටන් බිමේදී) හමුවන විට ඔවුන් ඝාතනය කරන්න! ඔවුන් නුඹලා පිටමංකලාක් මෙන් නුඹලා ද ඔවුන් පලවා හරින්න. කෝලාහලය ඝාතනයට වඩා දරුනුය. මස්ජිදුල් හරාම් හි ඔවුන් නුඹහා සමඟ සටනට පැමිණෙන තෙක් සටන් නොකරන්න! ඔවුන් නුඹලා සමඟ සටන් කළෙහු ඔවුන් ඝාතනය කරන්න! (එකම දෙවියාව) ප්රතික්ෂේප කරන්නන්ට මෙයම දඬුවම වේ. පරිශුද්ධ වූ අල් කුර්ආන් (2:191)
මෙම වැකියයේ 'ඔවුන්' යනුවෙන් සඳහන් වේ. කුමන භාශාවක ඔවුන් යනුවෙන් සඳහන් වුව ද මුලින ඒ හා සම්බන්ධව සඳහන් වී තිබේදැයි බැලිය යුතුයි. පොදුවේ මුස්ලිම් නොවන අය එය කියන්නේ ද? කිසියම් ජාතියකට ? කිසියම් ක්රියාවක නියෙලෙන කණ්ඩායමක් පිළිබඳව කියන්නෙද? යන්න පර්යේෂණය කල යුතුය. මෙයට පිළිතුර මීට පෙර සඳහන් වැකි වල සෙවිය යුතුය.
මීට පෙර සඳහන් වැකි වල සඳහන් වී තිබෙන එය සෙයා බලමු!
නුඹලා සමඟ සටනට එන අය සමඟ ඔබද සටන් කරන්න! සීමා ඉක්මවූවන්ව අල්ලාහ් ප්රිය නොකරන්නේය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (2:190)
නුඹලා සමඟ කවුරුන් හෝ නිකරුනේ සටනට පැමිනියහොත් ඔවුන් සමඟ සටන් කරන මෙන් පවසා ඔවුන් ඝාතනය කරන මෙන් ඊලඟ වැකිය පවසයි. 'ඔවුන් ඝාතනය කරන්න!' යනුවෙන් සඳහන් වීම පොදුවේ මුස්ලිම් නොවන අය පමණක් ආමන්ත්රණය නොකරයි. එසේනොව ඔබට එරෙහිව සටන් කිරීමට පැමිණෙන අය සමඟ සටන් කල යුතු යනුවෙන් කියවන බව පැහැදිලිවෙයි. මුල් කොටස මගහැර ඉතුරු කොටස පමණක් සමහර විනාශකාර පුද්ගයන් මගින් ගෙනහැර දැක්වීම මගින් මෙවන් කුතුහලයක් මතුවෙයි. එක් සමාජයක් විසින් තවත් සමාජයක් සමඟ සටනට පැමිණි කල ඔවුන් විරුද්ධව කරන්න යැයි පැවසීමේ ඇති වැරැද්ද කුමක්ද? කුමන රජයක් හෝ තමන්ට විරුද්ධව සටන් කරන්නන්ට එරෙහිව සටන් නොකර ඉඳීයිද? නැතනම් එවන් සටනකදී සතුරන්ව ඝාතනය නොකර මොනර පිහාටු වලින් පවන් සලාගෙන සිටීයිවිද?
යුද්ධයක් පැමිණි කල සෑම සාධාරණයක්ම පැත්තකට දැමීම ලොව පුරා පිළිගත් කරුනකි.
එහෙත් අල්-කුර්ආනය හී 'ඔවුන් සමඟ සටන් කරන්න! එහෙත් සීමා නොඉක්මවන්න! සීමා ඉක්මවන්නන්ව අල්ලාහ් ප්රිය නොකරන්නේය' යැයි පවසා සටන් බිමේ දී ද නව ආදර්ශයක් ලබදෙන්නේය.
සාධාරණව සිතන පුද්ගලයෙකු විසින් ප්රශංසා කල යුතු වැකියක් මෙලෙස පහත් අන්දමින් ගෙනහැර දැක්වීම සාධාරණද? විවේචනය කරන්නන් සිතා බැලිය යුතුයි.
මෙසේ පරිශුද්ධ වූ අල් කුර්ආන් 4:89 4:90 ආදී වැකි ද ගෙනහැර දක්වමින් ඉස්ලාම් කාෆිර් වරුන්ව ඝාතනය කරන්ට පවසන බව සමහර අය දක්වයි.
ඔවුන්(එකම දෙවියන්ව) ප්රතික්ෂේප කරන්නන් බවට පත්වූ මෙන් ඔබද එයට (සංකල්පයෙන්) සමාන විය යුතුයැයි ඔවුන් සිතන්නෝය. එහෙයින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් හිජ්රත් කරන තුරු ඔවුන් (කවරැකුවත්) මිතුරන් ලෙස නොගනු! ඔවුන් ප්රතික්ෂේප කලහොත් ඔවුන් අල්ලා ගන්න! ඔවුන් ව දුටු තැන ඝාතනය කරන්න! ඔවුන් අතර කිසිවෙකුව වත් භාරකරුවෙකු ලෙස හෝ උදව් කරුවෙකු ලෙස නොගනු!
ඔබ සමගින් ගිවිසුමක් ඇති කරගත් අය සමඟ එකතු වූවන් හැර. නැතහොත් ඔබට එරෙහිව සටන් කිරීම හෝ තමන්ගේ සමාජයට විරුද්ධව සටන් කිරීම හෝ නොසමානව ඔබ ලඟට ආ අය හැර. අල්ලාහ් තීරණය කර තිබුන හොත් ඔවුන් ඔබ හට පාලකයන් කර තිබෙන්නේය. එවිට ඔවුන් ඔබට එරෙහිව සටන් කරන්නට ඇත. ඔවුන් ඔබගෙන් ඉවත් වී නුඹලා සමඟ සටන් කර නුඹලා සමඟ සාමය පතා අයේ නම් ඔවුන්ට විරුද්ධව කිසිම බලයක් අල්ලාහ් ඔබ කෙරහී හිමි නොකළේය.
4:89 වැකියයේ ඔවුන් ව දුටු තැන ඝාතනය කරන්න! යනුවෙන් සඳහන් වේ. මෙයද පොදුවේ මුස්ලිම් නොවන අය ඝාතනය කිරීමට කියන වැකියක් යැයි ප්රචාරය කරන්නෝය. එයට ඊලඟ වැකිය වන 4:90 වේ 'නුඹලා සමඟ සාමය පතා අයේ නම් ඔවුන්ට විරුද්ධව කිසිම බලයක් අල්ලාහ් ඔබ කෙරහී හිමි නොකළේය' යනුවෙන් සඳහන් වී තිබේ.
මෙමගින් අපට දැනගත හැක්කේ කුමක්ද? ඔවුන් ඝාතනය කරන්න! යනුවෙන් පැවසීම සටනකදී ආයුද සන්නද්ධව පැමිණෙන හතුරන් කෙරහී බවය.
නබි නායක මුහම්මද්(සල්) තමන්ගේ නායකත්වයෙන් රටක් නිර්මාණය වීමෙන් පසුව ඔවුන්ට එරෙහිව ඔවුන් විනාශ කිරීම සන්නද්ධව පැමිණි කල ඔවුන් මුහුන දිය යුතු ආකාරයෙන් මුහුන දීම වැරැද්දක් කොට සැලකිය හැකිද?
කුර්ආනයේ තිබෙන ජිහාද් සමබන්ධ වැකි සියල්ල රාජ්ය පාලකයා වශයෙන් මුහම්මද් නබි නායක තුමන් ට වූ අණ කිරීම්ය. මොන මොන හේතු මත නබි නායක තුමන් සටන් කළේද යන්න පෙර පැහැදිලිව කර ඇත්තෙමු. එම හේතූන් වලට කරන සටන් ජිහාද් නම් වේ.
මුස්ලිම් නොවන අය කපා ඝාතනය කිරීම ජිහාද් නොවේ. මෙය වටහා ගතහොත් ඉහත විවේචනයත් වැරැද්දක් බව වැටැහැණු ඇත.
සටනක් පැමිණි කල බලහීනයන් මෙන් සිරගත නොවන්න! එරෙහිව සටන් කරන්න! ඔවුන් දුටු තැන ඝාතනය කරන්න! යනුවෙන් අණ කිරීමේ ඇති වැරැද්ද කුමක්ද?
සාමාජයක් වශයෙන් සහ යහ පැවැත්මක් සමඟ අන් අය සමඟ ජීවත් වීමේදී එසේම ජීවත් වීම පිළිබඳවත් ඉස්ලාම් කියයි. කුමන අවස්ථවක දී වත් සීමා නොඉක්මවිය යුතු බව කුර්ආනය අවධානය කරයි.
අන් අගමිකයින්ව ඝාතනය කරන මෙන් ඉස්ලාම් කොතනක වත් කීවේ නැත. නබි නායක තමාගේ පාලන සමයේ ඔහු බල ප්රදේශ තුළ බොහෝ අන් ආගමිකයින් ජීවත් වූ හ.
එහෙයින් මොහු තබන තර්කය අමූලිකය අරුතයක්ද නොමැත.
නබි නායක මුහම්මද (සල්) තුමන් ගේ කාල වකවානුව තුළ අගනුවර වූ මදීනාවේද වෙනත් බල ප්රදේශ වලද යුදෙව්වන් ජීවත් විය. ක්රිස්තියානිකයින් ජීවත් විය. මුස්ලිම් නොවන බොහෝ අය ජීවත් වූහ. ඔවුන් සියල්ල දුටු තැන ඝාතනය නොවිය.
ඉස්ලාම් එකීය දෙවියන්ව හැර වෙන කිසිවෙකුටත් කිසිමදේකටත් නොනමදින බවහී ස්ථීරව සිටීයි. මිනිසුන් වන්දනාමාන කරන පිළිම වලට කිසිඳු ශක්තියක් නැත යන්නැහිද ඉස්ලාමයේ දෙවන අදහසක් නැත. එහෙයින් අන් ආගමිකයින් වන්දනාමාන කරන දැයට අපහස කල හැකිද යැයි ඇසුව හොත් ඉස්ලාම් එය සම්පූර්ණයෙන් තහනම් කරන බව කිව යුතුය.
අල්ලාහ්ව හැර ඔවූන් කුමකට වත් වන්දනාමාන කරන්නේ ද ඔවුන් අපහස නොකරන්න! ඔවුන නොදැනුවත්ව සීමා ඉක්මවා අල්ලාහ්ට බැන විදින්නෝය. මෙසේම සෑම සමාජයකටම ඔවුන්ගේ ක්රියාවන් අලංකාර කොට පැන් වූ යෙමු. පසුව ඔවන්ගේ යලි පිවිසුම ඔවුන් ගේ දෙවියා වෙතම තිබෙන්නේය. ඔවුන් කරමින් සිටිය දේවල් පිළිබඳව ඔහු ඔවුන්ට දන්වන්නේය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (6:108)
'අපගේ දෙවියා අල්ලාහ්මය' යනුවෙන් ඔවුන් ප්රකාශ කිරීමෙන් පමණක් ඔවුන්ගේ වාස ස්ථාන වලින බැහර කළෝය. මිනිසුන්ගෙන් එක්කෙනෙක් මගින් තව කෙනෙකුව අල්ලාහ් නැවැත්වූයේ නැත්නම්. මඩම් ද දේවස්ථාන ද වන්දනාමාන කරන ස්ථාන ද අල්ලාහ්ගේ නාමය අධික ලෙස පවසන මස්ජිදයන්ද විනාශ වී තිබෙන්නට ඇත. තමාට උදව් කරන අයට අල්ලාහ් ද උදව් කරන්නේය. අල්ලාහ් ශක්තිවන්තය බලසම්පන්නය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (22:40)
උදව් උපකාර සහ අධාර කිරීමේදී යුක්තිය පසිඳලන විට දී මුස්ලිම් නොවන ලෙස භේදයක් නොබැලිය යුතු යැයි ඉස්ලාමය පැහැදිලිව අණ කරයි.
ආගමික දෙයක් හේතු කොට ගෙන නුඹලා සමඟ සටන් කරාවූ අයද ඔබගේ වාස ස්ථාන වලින් ඔබව පිටත් කල අයටද උදව් කිරීමට ඔවුන්ට සාධාරණය ඉෂ්ටකිරීමෙදීත් අල්ලාහ් ඔබට තහනම් නොකළේය. සාධානය ඉෂ්ට කරන්නන්ව අල්ලාහ් ප්රිය කරන්නේය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (60:8)
විශ්වාස වන්තියනි! අල්ලාහ්ට කීකරු වී නිතිය ඉදිරියේ සාක්ෂී බවට පතවෙන්න! එක් සාමාජයක් සමඟ තිබෙන වෛරය ඔබ සාධාරණව කටයුතුකිරීමට ඔබේ සිත් යොමු නොවිය යුතුයි. සාධාරණය කටයුතු කරන්න! එයම බිය බැති බවට ආසන්න වේ. ඔබ කරන දෙය අල්ලාහ් පැහැදිලිවව දන්නේය. පරිශුද්ධ වූ අල් කුර්ආන් (5:8)
මුස්ලිම් නොවන අය සමඟ කෙසේ කටයුතු කල යුතුයැයි කුර්ආනය පවසන්නේ ද එසේම නබි නායක මුහම්මද්(සල්) තුමානන් කටයුතු කළේය.
අන්ය අගමිකයන් සමඟ නබි නායක තුමන් කෙසේ කටයුතු කළේ ද යන්න පහත සඳහන් පුවතෙන් දැකිය හැකීයි.
යුදෙව් කාන්තාවක් විශ එක් කරන ලද එළුමස් නබි නායක තුමන්ට ගෙනවිති දුන්නේය. එය නබි නායක තමානෝ අනුභව කළේය. ඇය නබි නායක තුමානන් වෙතට රැගෙන එනු ලෙබු කල එය පිළබඳව විමසුවාය. 'ඔබව ඝාතනය කරන චේතනාවෙන් එසේ කළෙමි' යනුවෙන් ඇය පැවසුවාය. අල්ලාහ් ඔබට එම කාර්ය බාර නෙදුන්නේය යැයි නබි නායක තුමානන් පැවසුවාය. මෙයව ඝාතනය කරමුද? යැයි සහාබාවරුන් ඇසූ කල 'නොකල යුතුයි' යැයි නබි නායක තුමානන් පැවසුවාය.
(මුස්ලිම් සහ අහ්මද් වැනි ග්රන්ථ වල මෙම පුවත සඳහන් වේ)
ඉස්ලාමීය නීතිය අනුව ඇයව ඝාතනය කිරීමට ඉඩ ඇතත් පීඩාවට ලක් වූයෙකු ලෙස සමා ලබාදීමේ නීතියම නබි නායක තුමානන් භාවිත කළේය.
අන් අය සමඟ නබි නායක තුමන් මෙවන් අවස්ථාවක දී පවා කෙසේ කළේ දැයි සිතා බැලිය යුතුය.
Post a Comment