Header Ads



ஹலால் சான்றிதழ் பணம் வெளிநாட்டு பயங்கரவாதிகளுக்கு செல்கிறது - பொதுபல சேனா


சிங்கள கடும்போக்கு பௌத்த அமைப்பான பொதுபல சேனா நேற்று திங்கட்கிழமை 31-12-2012 கொழும்பில் ஊடகவியலாளர் மாநாடு ஒன்றை நடாத்தியது. இதன்போது வெளியிடப்பட்ட அறிக்கையே இது. சிங்கள மொழியில் பரீட்சயமுள்ளவர்கள் இதனை தமிழ் மொழியில் மொழிபெயர்த்து உதவமுடியும்.

බොදු බල සේනා - මාධ්‍ය නිවේදනය

හලාල් සහතිකය ලබාගැනීමට ගෙවනු ලබන ගාස්තු 

හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට

2012 දෙසැම්බර් මස 31

 ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය පිළිබඳව මුලින්ම ශ්‍රී ලංකික ජාතිය අවදි කිරීම පිළිබඳව සමහර ජාතිවාදී හා අන්තවාදී දේශපාලන පක්ෂ හා පුද්ගලයින් විවිධ ස්වරූප වලින් "බොදු බල සේනා" ජාතිවාදී සංවිධානයක් ලෙස දැක්වීමට ගනු ලබන උත්සාහය අප විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.

බොදු බල සේනා ජාලයේ අරමුණ වනුයේ සදාචාර සම්පන්න ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම සඳහා බෞද්ධ හර පද්ධතිය තුලින් අධ්‍යාත්මික නායකත්වය ලබා දීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ශිෂටාචාරය නිර්මාණය කල සිංහල බෞද්ධයන්ගේ නව පුනර්ජීවයක් ඇති කිරීම සඳහා නව ජාතික පුනරුද ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික රාජකාරියේ අප නියලී සිටින්නෙමු. මෙහිදී අප ජාතික වාදීන් වන අතර කිසිදු විටක ජාතිවාදී , වර්ගවාදී නොවෙමු. අප ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ආගමික හා ජනවාර්ගික කණ්ඩායම් වල අයිතීන් ගරු කරන අතර කිසිදු විටක ප්‍රචණ්ඩත්වය හෝ සාහසිකත්වය යොදාගෙන කටයුතු කරන ව්‍යාපාරවලට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙමු. අප හැමවිටම සාකච්චාව හා සම්මුතියෙන් ගැටළු විසදීමේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රමය විශ්වාස කරන්නෙමු.

අප යහ පාලනය හා සාධාරණත්වය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින අතර වැරදි කරන පුද්ගලයන්ගේ තරාතිරම, ජාතිය, ආගම පිළිබඳව නොසලකා එම වැරදි විවේචනය කරමු. එය ඕනෑම නවීන ප්‍රජාතන්ත්‍රීය සමාජයක් පිළිගත් චාරිත්‍රයකි.
 අප විසින් විවේචනයට ලක් කොට ඇත්තේ අන්‍ය ආගමිකයින් පමණක් නොවේ. අප විසින් අප පිළිබඳව ස්වයං විවේචන වල නිතර යෙදෙමු. බොහෝ බෞද්ධ නායකින්ගේ වැරදි , බෞද්ධ ආයතනවල වැරදි අප විසින් නිර්දය ලෙස විවේචනය කරන ලද බව අපගේ කෙටි ඉතිහාසය තුල පැහැදිලිව දැක ගත හැකි කරුණකි.

හලාල් පිළබඳව අප විසින් කරන ලද හෙලිදරුව්ව අපගේ රටේ ජීවත්වන සාමාන්‍ය බිම් මට්ටමේ මුස්ලිම් වරුන් පිළිබඳ ගැටළුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන් පිළිබඳ ගැටළුවක් නොව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තර්ජාතික අන්තගාමී මුස්ලිම් ත්‍රස්තවාදය පිළිබඳ ගැටළුවක් බව අපි අවධාරණය කරන්නෙමු. 


2012 නොවැම්බර් මස 19 වන දින අප මාධ්‍ය සාකච්චාවේදී ප්‍රකාශ කරනු ලැබුවේ 

" හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ."
 මෙම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වන්නේ අපට මුස්ලිම් වරුන් ගැන හෝ ඔවුන්ගේ ආගමික කටයුතු පිළිබඳව කිසිදු ගැටළුවක් නැති බවය.

අපගේ ගැටලුව වුයේ මේ පිලිබඳ බෞද්ධ ජනතාව දැනුවත් වී නොමැති බැවින් ඔවුන් දැනුවත් කිරීමය. එය අපගේ සුද්ධ අයිතියකි. වෙනත් දෙවියකුට හෝ යමෙකුට කැප කල අහාර වර්ග බුදු රජුනට හෝ මහා සංගරත්නයට පුජා කිරීම අපගේ ආගමික මතවලට අනුව වැරදි බව ප්‍රකාශ කිරීම අපගේ ආගමික අයිතිය වන අතර එය ජාතිවාදී ලෙස හෝ වර්ගවාදී ලෙස හුවා දැක්වීම කිසිදු ලෙසකින් යුක්ති සහගත නොවේ. ඇත්තෙන්ම ජාතිවාදී හෝ වර්ගවාදී වන්නේ අපගේ මෙම අයිතිය පිලිබඳ අදහස් දැරීමට විරුද්ධ වන්නවුන්ය .
 අද බොදු බල සේනා විසින් හෙලිදරුව් කරනුයේ ජාතික වශයෙනුත් ජාත්‍යන්තර් වශයෙනුත් ආරක්ෂක අංශ විසින් සැලකිලිමත් විය යුතු ඉතා වැදගත් කාරණයකි. මෙය හලාල් සහතිකය හරහා මස් කඩයේ සිට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ගේ අරමුදල් තර කිරීමට ගනු ලබන උත්සහයක් පිලිබඳවය 

කැනඩාවේ ක්‍රියාත්මකවන Point de Bascule පර්යේෂණ ආයතනයට අනුව ( http://pointdebasculecanada.ca/) කැනඩාවේ හලාල් සහතිකය නිකුත් කරනු ලබන අදාල මුස්ලිම් සංවිධානය විසින් හමාස් හා අල්කයිඩා වැනි ජාත්‍යන්තර සංවිධාන වලට අරමුදල් සපයා ඇති අතර එම ජාත්‍යන්තර වශයෙන් සංවිධාන සමග ඍජු සම්බන්දතා පවත්වා ඇත. එමෙන්ම හලාල් සහතික මගින් උපයන මුදල් මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය පැතිරවීමට යොදාගෙන ඇත. 

ඒ සඳහා පහත දැක්වෙන වෙබ් අඩවි වලට පිවිසිය හැක

මෙහිදී බොදු බල සේනා ජාලය පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කරනු ලැබේ.
 1) හලාල් අහාර පාන බුද්ධ පුජාවට හා සංඝික දාන වලට අකැප බව 
2) හලාල් අහාර පාන බෞද්ධයින්ට නුසුදුසු බව.
3) හලාල් සහතිකය කිසිම ආකාරයකින් පාරිභෝගික අමාත්‍යංශයෙන් අවසරයක් ලබා නොගෙන නීතිවිරෝධීව ක්‍රියාත්මක වන බව.
 4) හලාල් සහතිකය නිකුත් කරන ආයතනය සඳහා පර්ලිමෙන්තුව්න් සම්මත වී ඇති අරමුණු වල හලාල් සහතිකය පිලිබඳ සඳහන් නොවන බව.
 5) හලාල් සහතික හරහා උපයන මුදල් වල භාවිතය් පිලිබඳ විනිවිදභාවයක් නොමැති අතර එය මුස්ලිම් අන්තවාදය සඳහා යොදා ගත හැකි බව.
 6) ජාත්‍යන්තර වශයෙන් හලාල් මුදල් විනාශකරී ත්‍රස්තවාදීන්ගේ කටයුතු සඳහා යොදවන බව.
 7) හලාල් පිලිබඳ අපගේ ප්‍රකාශ පිලිබඳ සාමාන්‍ය මුස්ලිම් ජනයා කලබල වියයුතු නැති අතර පොදුවේ සාමාන්‍ය ජනතාව වශයෙන් අපි සියලු දෙන අන්තවාදයට හා ත්‍රස්තවාදයට විරුද්ධව එකතු විය යුතු බව.
 8) සියලු සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් හලාල් සහතික ගැනීම නැවැත්විය යුතු බව.
 9) යුරෝපය හා ඇමරිකාවේ පවා හලාල් නොවන අහාර වලට දක්වන උනන්දුව ගැන සැලකිලිමත් වන ලෙස 
10) සියලුම බෞද්ධ ස්ථානවල හලාල් නොවන අහාර පමණක් භාවිත කිරීම බෞද්ධ ප්‍රතිපත්තිය බව ජනතාවට පැහැදිළ කිරීම සඳහා දැන්වීම් පල කිරීම 

එමෙන්ම අප විසින් රජයෙන් හා පාර්ලිමේන්තුවෙන් පහත කරුණු ඉල්ලා සිටිමු 

1) හලාල් සහතික නිකුත් කිරීමේ නීතිමය තත්වය සොයා බල රටේ වාර්ගික කලබලයකට පත් වීමට ඇති තත්වය අවම කිරීමට කටයුතු කිරීම 
2) හලාල් මුදල් පිළිබඳව රහස් පොලිසිය හා දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීම 
3) ජාත්‍යන්තර ත්‍රස්තවාදය සඳහා හලාල් මුදල් භාවිතයට ඇති ඉඩකඩ සොයා බැලීම.
 4) බෞද්ධ ජනතාවට හලාල් නොවන අහාර පාන ගැනීමට ඇති පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම 
5) රජය හා රජයේ නියෝජිතයින් බුද්ධ පුජා හා සංඝික දාන දීමේදී හලාල් නම්වූ බෞද්ධයින්ට අකැප අහාර පාන යොදා නොගැනීම





No comments

Powered by Blogger.