යුක්තිය ඉටු නොවුණොත් අප ජනතා අධිකරණය ඉදිරියට යනවා
රංගිරි දඹුලු විහාරාධිපති ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහ නාහිමි
2012 මැයි 03 වෙනි බ්‍රහස්පතින්දා,
නාහිමියනි දැන් දඹුල්ලේ මොකද වෙන්නේ?
අනවසර ඉදිකිරීම් වන මුස්ලිම් පල්ලිය හෝ හින්දු කෝවිල පිළිබඳ කිසිම ප්‍රශ්නයක් දැන් නැහැ. හැබැයි බොරදියේ මාළු බෑමට අර අදිමින් සිටින දේශපාලන බලවේග යම් අවස්ථාවාදී නාඩගමක් රඟ දක්වනවා.ඔබ
වහන්සේ ප්‍රකාශ කරන්නේ ප්රශ්නය ඉවරයි කියලද?
මෙහෙමයි මේ රටේ දෙවැනි පුරුවැස්සා සේ ව්‍යවස්ථාපිතව පිළිගන්නා අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රතිඥාවක් දීලා තිබෙනවා. ඒ බලසම්පන්න ප්‍රතිඥාව ඉටුවනතෙක් අප බලන් ඉන්නවා, දඹුල්ලේ පූජා භූමියේ ඉදිකර තිබෙන අනවසර ආගමික ස්ථාන නීති විරෝධී බවත් ඒවා ඉවත් කිරීමට රජය පියවර ගන්නා බවත් අගමැතිවරයා අවධාරණය කර තිබෙනවා. අගමැතිවරයා කියන්නේ ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි.

නායක හාමුදුරුවන් අගමැතිවරයාගේ ප්රශ්නය පෞද්ගලික වූවක් බව සමහර මැති ඇමැතිවරුන් ප්‍රකාශ කළා? මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
එහෙම වෙන්නේ කොහොමද? ඔහු අගමැතිවරයා. රටේ තීරණාත්මක ප්‍රශ්නයක් පිළිබඳ ඔහුට ප්‍රසිද්ධියේ ඒ වගේ පෞද්ගලික ප්‍රකාශයක් කරන්න බැහැනේ. අනෙක ඔහු බුද්ධ ශාසන සහ ආගමික කටයුතු විෂය භාර ඇමැතිවරයා. එනිසා ඔහුගේ ප්‍රකාශය තමයි නිල ප්‍රකාශය. ඇත්තෙන්ම ආණ්ඩුවේ සාමූහික වගකීම පිළිබඳ මට දැඩි ප්‍රශ්නයක් තිබෙනවා.

දඹුල්ලේ ප්රශ්නය අස්සේ ආණ්ඩුවේ සාමූහික වගකීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්නේ කොහොමද හාමුදුරුවනේ
අගමැතිවරයා කියන්නේ ආණ්ඩුවේ දෙවැනි බලවතා. ඔහු කළ තීරණාත්මක ප්‍රකාශය මැති ඇමැතිවරුන් හාස්‍යයට ලක් කරනවානම් ආණ්ඩුවේ සාමූහික වගකීමක් තිබෙනවා යැයි කියන්නේ කොහොමද? අගමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරනවානම් සාමූහික වගකීමක් තිබෙනවා යැයි කියන්නේ කොහොමද?
මං හිතන්නෙ මේ සාමූහික වගකීමක් නැති අත්තනොමතික මැති-ඇමැතිවරුන් ගැන රජය දැඩි තීරණයක් ගත යුතුයි. විශේෂයෙන් දඹුලු ප්‍රදේශයේ ඇමැතිවරයෙක් අගමැතිවරයාගේ ප්‍රකාශය තුට්ටුවකට හෝ මායිම් නොකර පල්ලිය ඒ ස්ථානයේම තැබිය යුතුයැයි අවධාරණය කරනවා. ඔහු එහෙම ප්‍රකාශ කරන්නේ කොහොමද? ඔහු සාමූහික වගකීම පැහැර හැර තිබෙනවා.
රට යම් ආකාරයක අන්තර්ජාතික වශයෙන් අපහසුතාවට පත්වී තිබෙන අවස්ථාවක දඹුල්ලේ ප්රශ්නය නිසා රට අභ්‍යන්තර වශයෙන් බිඳ වැටෙනවා නොවේද?
එවැනි ආකාරයකින් රට අස්ථාවර වේ නම් ඊට මූලික වශයෙන් වග කිව යුත්තේ දැඩි වර්ගවාදී අයුරින් කටයුතු කරන මුස්ලිම් කොංග්‍රසය හා මුස්ලිම් ජනයාගෙන් විවිධ වරදාන ලබා ගෙන නීතිවිරෝධී පල්ලි ඉදිකිරිල්ල වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ ඇමැතිවරයා බව මා දැඩිව ප්‍රකාශ කරනවා. මුස්ලිම් කොංග්‍රසය දැන් දේශපාලනික වශයෙන් අනාථ වෙලා තිබෙන්නේ. පසුගිය කාලයේ ඒ පක්ෂයේ ඇතිවූ ගැටුම් ගැන අප දන්නවා. ඒ විතරක් නොවෙයි එහි නායකයා ප්රභාකරන් ජීවත් වූ කාලයේ නටපු නාඩගමත් රටට රහසක් නොවෙයි.
දැන් එම පක්ෂය තමන්ගේ ඡන්දදායකයා වර්ගවාදී අයුරින් ඇවිස්සීමට උත්සාහ කරනවා. මේක රටේ සාමාන්‍ය සමගියට පොදු ජන පැවැත්මට එරෙහිව කරන කුමන්ත්‍රණයක්. සමහරවිට මේ දේශපාලනඥයෝ පිටුපස රට අස්ථාවර කිරීමට මාන බලන විවිධ පිටස්තර බලවේග තිබෙන්න පුළුවන්. ඒ බලවේග පරාජය කර යුක්තිය ඉටු කිරීම රජයේ යුතුකමක්. ගත්ත සල්ලි දෙන්න වෙන නිසා ඇමැතිවරයෙක් කෑ මොර දුන්නත් අපගේ ඉල්ලීම යුක්ති සහගත එකක්.
අප ඉල්ලන්නේ අපට තිබිච්චි එහෙත් දැන් අහිමි වෙලා තිබෙන අයිතිවාසිකමක්. නමුත් ඉස්ලාමිකයන් ඉල්ලන්නේ තමන්ට හිමි නැති අයිතිවාසිකමක්. ඒක අහවරයි. අපේ ඉල්ලීමෙහි ඓතිහාසික පදනමක් තිබෙනවා. ෙනෙතික පදනමක් තිබෙනවා. දඹුල්ල නගරය සංවර්ධනය කිරීම සඳහා අප අපේ පන්සලේ ඉඩම්වලින් අක්කර 300ක් දුන්නා. ඒවා නිල වශයෙන් විධිමත්ව පවරන්නෙ නැත්නම් සංවර්ධනය කරන්න බැරි බව ආණ්ඩුව එදා පැවැසුවා.
ඒ නිසයි අප අපේ පන්සලේ ඉඩම් රජයට දුන්නේ. එසේ ඒ ඉඩම් යොදා නගරය සැලසුම් කිරීමට නාගරික සැලසුමක් ඉදිරිපත් කළා. එම සැලසුමෙහි කිසිම තැනක පල්ලියක් හෝ කෝවිලක් අන්තර්ගත වෙලා නැහැ. එහෙම නොමැති දේවල් කොහොමද ආවේ. ඒවා ආ හැටි අප දන්නවා. දේශපාලන බලවතුන්ට මුදල් දුන් බව අප සමග මුස්ලිම් ජනතාව පැවැසුවා. ඒ මුදල් යළි දෙන්න වෙන නිසයි ඔය ඇමැතිවරයෙක් මහ හයියෙන් කෑ ගහන්නේ.
මෙතන තිබෙන්නේ ආගමික ප්‍රශ්නයකට වඩා දේශපාලනඥයන් අතර දේශපාලන සටනක් කියලා යමෙක් චෝදනා කළොත්?
ඒක අමූලික බොරුවක්. මෙතන තිබෙන්නේ අපේ බෞද්ධ උරුමය පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම නැතිව කාගේ හෝ බල කඳවුරක් පෝෂණය කරන්න අපට උවමනාවක් නැහැ. මෙහෙම මඩ කතා ප්‍රචාරය කරමින් ආණ්ඩුවේ සාමූහික වගකීම කඩකරන පුද්ගලයන්ට එරෙහිව ජනාධිපතිවරයා දැඩි පියවර ගත යුතුයි.
එසේ නම් ඔය කියන ඇමැතිවරයාට ඔබ වහන්සේ සමග පෞද්ගලික ආරවුලක් තිබෙනවාද?
අපි බුද්ධ පුත්රයන්නේ. එහෙම අපේ හිතේ තරහ වෛර නැහැ. හැබැයි 94 දී ඔය කියන ඇමැතිවරයා සමග අප ප්‍රශ්නයක් නම් ඇති කරගත්තා. ඒ ඔහු ඔහුගේ හිතවතෙකුට තැබෑරුමක් දැමීමට ඉඩ දීම නිසා ඇතිවූවක්. මං එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා මැතිනියට කියලා ඒක නැවැත්තුවා. එදා ඉඳලා තමයි ඇමැතිවරයා මාත් එක්ක උරණ වුණේ. ඒක පෞද්ගලික ප්‍රශ්නයක් නොවෙයි. අප තැබෑරුමකට එරෙහි වුණේ සමාජය ගැන හිතලයි.

හාමුදුරුවනේ කණ්ඩලම හෝටලය මුල් කර ගෙන ඔබ වහන්සේට එරෙහිව චෝදනා නගා තිබෙනවා. මේ චෝදනා ගැන ඔබ වහන්සේගේ ස්ථාවරය කුමක්ද?
ඔය කියන චෝදනා එකක් හෝ ඔප්පු කළොත් මං මේ දඹුල්ලේ පන්සලේ මහණකම් කරන්නේ නැහැ.
පඑහෙමනම් ඔය චෝදනා ඉදිරිපත් කිරීමේ පදනම කුමක්ද?
ඔය ඇමැතිවරයා ප්‍රධාන කණ්ඩායමට තිබෙන ප්‍රධාන බාධකය තමයි මං. ඒ නිසා ඒ බාධකය ඉවත් කරන්න ඔවුන් දැඩි උත්සාහයක් ගන්නවා. එතකොට ඔවුන්ට ඕන ඕන විදියට මේ දඹුලු බෞද්ධ පින්බිමේ පිනුම් ගහන්න පුළුවන්නේ. හැබැයි මං ඉන්න කල් අධාර්මික ශාසන විරෝධී වැඩවලට ඉඩ නැහැ. දිවි හිමියෙන් මේ පින්බිම අප රැක ගන්නවා.

නායක හාමුදුරුවනේ යම් හෙයකින් ඔය ආගමික ගොඩනැගිලි ඉවත් නොකළහොත් ඊළඟට ගන්න පියවර කුමක්ද?
ආණ්ඩුව බෞද්ධ ජනතාවට යුත්තියක් ඉටු කරවායැයි අප විශ්වාස කරනවා. මොකද ඔවුන්ට බෞද්ධ පදනමෙන් පිට ගිහින් වැඩ කරන්න බැහැ. හැබැයි යුක්තියක් ඉටු නොවුණහොත් අප ජනතා අධිකරණයට යනවා. ඒක කාටවත් වළක්වන්න බැහැ.
අප ආගමික සහනශීලිත්වය ගැන හොඳට දන්නවා. අන් ආගමිකයන් අපේ ආගමට ගරු නොකළත් අප ඔවුන්ගේ ආගමට ගරු කරනවා.
ඒක තමයි අපේ බුදුරජාණන් වහන්සේගෙන් ශාසනයේ අප ලැබූ ශික්ෂණය. ආගම් මුල් කරගෙන ගිහින් යුද්ධ කරන්න, ලේ හලන්න අප ගිහින් නැහැ.
හැබැයි අප අපේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් බෞද්ධ උරුමය රැක ගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී ඉන්නවා. ඒ සඳහා සටන් කරනවා. අසාධාරණකම්වලට එරෙහි වෙනවා. එහෙම නැති වුවහොත් අප ඉතිහාසයේ වැරදිකරුවන් බවට පත් වෙනවා.
අපේ මුතුන් මිත්තන් දිවි පූජා කරමින් රැක ගත් බෞද්ධ උරුමය රැක ගැනීමට අප බියවන්නේ කුමටද? එසේ ඉදිරිපත් වීම තවත් ආගමකට එරෙහිව කරන සටනක් වෙන්නේ කොහොමද? අප කරන්නේ අපේ උරුමය රැක ගැනීමට කටයුතු කිරීම පමණයි. ඒකට මුවාවී සමහරුන් ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ කරනවානම් ඒ ගැන රජය බලා ගත යුතුයි.
නාහිමියනි ඔබ වහන්සේට බෞද්ධ සමාජයෙන් සහයෝගයක් තිබෙනවාද?
ඔව් මෙරට විතරක් නමෛයි ලෝකවාසී අපේ බෞද්ධ ජනතාව අපට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්න සූදානමින් ඉන්නවා. බෞද්ධ ලෝකයම අපේ ක්‍රියා පිළිවෙත ගැන බලන් ඉන්නවා.
Post a Comment